Chola Raja Raja Massa Coins

දකුණු ඉන්දියාවේ චෝල රාජවංශය විසින් නිකුත් කළ රාජ රාජ මස්ස කාසිය ප්‍රාචීන දකුණු ආසියානු මුදල් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම රන් කාසිය රාජ රාජ I (985-1014 CE) රජතුමාගේ පාලන කාලයේදී නිකුත් කළ අතර, චෝල රාජවංශයේ ආර්ථික හා දේශපාලන බලය පිළිබිඹු කරයි.

කාසියේ ලක්ෂණ:

  • ද්‍රව්‍ය: (XRF) (සුවර්ණ) භාවිතා කර නිර්මාණය කර ඇත

  • බර: සාමාන්‍යයෙන් ග්‍රෑම් 4.4 ක් පමණ වේ

  • විශාලත්වය: මිලිමීටර 23-25 විෂ්කම්භය


පෙරපස දර්ශනයේ සුවිශේෂී ලක්ෂණ:

  1. "ශ්‍රී රාජ රාජ" අක්ෂර:

    • මෙම අක්ෂර විජයනාගර අක්ෂර වලින් කොටා තිබීම විශේෂත්වයකි

  2. හිසෙහි ස්වභාවය:

    • ඇසක් සහිත හිසක් ඇති කාසි සහ ඇසක් රහිත හිසක් ඇති කාසි ලෙස කාසි වර්ග දැකිය හැකි වේ

  3. කොටස් වලට වෙන්කරන ලද කොටුවක හැඩය:

    • මෙය කොටස් රහිත කොටුවක සිට කොටස් 13කට වෙන් කල කොටුවක් දක්වා වර්ග වලින් කාසි හමු වී ඇත


පිටුපස දර්ශනයේ සුවිශේෂී ලක්ෂණ:


  1. සිටගෙන සිටින රූපය:

    • අප විශ්ලේෂණය කළ කරුණු සමග සලකා බැලීමේදී බොහෝ දුරට මෙම සිටගෙන සිටින රූපය මගින් විෂ්ණු දෙවියන් නියෝජනය කරන බවට අනුමාන කල හැක, තවද මෙහි සිටින්නෙ එම කාසියට අදාළ රජු බවටද ඇතමෙකුගේ මත පවතී

  2. රාජකීය ඇඳුම්:

    • දෝති (Dhoti) යන දකුණු ඉන්දියාවේ දමිළ සංගම් - විශේෂයෙන් චෝල, චේර, පාන්ඩ්‍ය රාජවංශයන්ට ආවේනික වූ සම්ප්‍රදායික පිරිමි ඇඳුමකින් සැරසී ඇත. මෙය පසුකාලීනව ශ්‍රී ලංකාව පාලනය කල රජවරුන්ගේ මස්ස කාසි වලද දැකගත හැක


  1. කලාත්මක විස්තර:

    • කලාත්මක චාතුර්යය පෙන්නුම් කරන සියුම් විස්තර සහිත රූපයකි

    • සිරුරේ සමානුපාතිකතාවය චෝල යුගයේ මූර්ති ශිල්පයේ සම්ප්රදායන් පිළිබිඹු කරයි


විශේෂ තාක්ෂණික ලක්ෂණ:

  1. නිෂ්පාදන තාක්ෂණය:

    • කාසිය කොටා ඇති ආකාරය චෝල ශිල්පීන්ගේ ඉහළ කුසලතා පෙන්නුම් කරයි

    • කොටා ඇති සියුම් විස්තර තාක්ෂණික දියුණුව සාක්ෂි දරයි



Buy Monota
Demos 10
Close

Monota Demos

Check our main demos, layouts, shop and single product pages variants.