ANUJEW004

ANUJEW004

Features

Country

Sri Lanka

Author

J.H.M.D.Abeysinghe

Carat Weight

0

Weight (g)

0.590

මෙම කොටස පරීක්ෂා කිරීමේදී අපට පැහැදිලි වන කරුණක් වන්නේ මෙය අනුරාධපුර යුගයට අයත් ආභරණයක් බවත් එය කර මාලයක කොටසක් බවත්ය. මෙහි ඇති කොටස් ප්‍රමාණය බලන කල එය කර මාලයක් සඳහා භාවිතා කරන ලද කොටස් බව නිරීක්ෂණය වේ. තුනී තහඩු වලින් රවුම් සාදා මෙහි මැදට මැණික් ගල්, මැටි පබළු, ඇත් දළ වලින් සාදන ලද කොරල් හෝ එවැනි කාබනික මැණික් වර්ගයකින් සාදා නිම කර තිබෙන්නට ඇති බව නිරීක්ෂණය කල හැක. මෙහි කොටස් සමහර වෙලාවට අකාබනික සහ කාබනික යන කොටස් දෙකට බෙදූ විට අකාබනික ද්‍රව්‍ය සඳහා දීර්ග කාලීන පැවැත්මක් නොමැත. උදාහරණයක් ලෙස ගතහොත් මුතු,ඇත්දල, කැස්බෑ පිට පොත්ත වැනි දෑ කාලයත් සමග දිරාපත් ව විනාශ වී යයි. එවිට අපට මෙහි ඉතිරිව ඇති කාබනික ද්‍රව්‍ය ලෙස දැකිය හැකි වන්නේ ඇතුලත සවි කරන ලද මැණික් වේ. ඒවාද කාලයත් සමග ගැලවී ඉවත් වී ඇති සේයාවක් පෙනී යයි. මෙහිද රත්‍රන් ප්‍රමාණය අඩු ප්‍රමාණයකින් නිම කරන ලද තුනී තහඩු වලින් රිම් වළලු වැනි පොඩි රව්ම් මුදු ( බට පලු අච්චුවේ ගැසූ හැඩය ) රාශියක් එකතු කිරීමෙන් මෙම ආභරණය නිමවා ඇති බව නිගමනය කල හැක. මෙහි සම්පූර්ණම කොටස් නොමැති බැවින් නිශ්චිත වශයෙන්ම ආභරණය කුමක්ද කියා පැවසීමට අපහසුයි.

Reviews

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Buy Monota
Demos 10
Close

Monota Demos

Check our main demos, layouts, shop and single product pages variants.