ANUJEW005
Features
Country
Sri Lanka
Author
J.H.M.D.Abeysinghe
Carat Weight
0
Weight (g)
2.000
මෙම කුඩා කොටස් සියල්ල අනුරාධපුරයේ යුගයේ ආභරණයක් ලෙස භාවිතා කළ කර මාලයක කොටස් කිහිපයකි. මෙහි රන් සංයුතිය ගත් කළ අපට පෙනී යන්නේ කැරට් 24 පිරිසිදු රත්තරන් වලට රිදී, තඹ, සින්ක්, නිකල් වැනි ලෝහ වර්ග (alloy) මිශ්‍ර කිරීමෙන් අඩු කැරට් අනුපාතයකින් ආභරණ සාදා ඇති බවකි. පුරාණයේ සිට මෙම සංයෝගය හඳුන්වන්නේ "පොන් රත්තරන්" වශයෙනි. මෙහි නිෂ්පාදනය ගත්කළ පෙනී යන්නේ තුනී තහඩුවලින් නිර්මිත බවකි. අනුරාධපුර යුගය වැනි එතරම් දුර අතීතයකදී මෙවැනි සියුම් සහ ඉතා අලංකාර කැටයම් කිරීමේදී යොදාගත් තාක්ෂණය කුමක් දැයි අදටත් කුතුහලය සහ විශ්මය දනවන කරුණකි. මෙහි දැක්වෙන්නේ මෙම ආභරණයේ කුඩා කොටස් පමණි. මෙවැනි කොටස් එකින් එක නූල්පොටකින් හෝ රන්,රිදී, තඹ වැනි ලෝහ කෙන්දකින් ඇමිනීමෙන් මාලයකට අවශ්‍ය ප්‍රමාණයට සකසා ගත හැක. මෙවැනි ආභරණයකට සමාන සම්පූර්ණ කරමාල වර්තමානයේ අපට දක්නට ලැබෙන නමුත් ඒවා මෙවැනිම කරමාල නොවේ. මෙහි එක කොටසක් ගත් කළ හරස් අතට තව් දෙකක් (සිදුරු දෙකක්) ඇත. එම සිදුරු දෙකෙන්ම නූල් පට දෙකක් යවා මෙම කරමාලය අමුණා ඇති බවක් පෙනී යයි. එසේ නූල් පට දෙකක් යෙදීමෙන් කරමාලයේ ඇඹරුම් සහ පැටලිලි ගතිය වළක්වා ගැනීමට හැකියාව ලැබේ. මෙහි ඇතුළත කුහර සහිත තහඩුවලින් මෙම ආභරණය නිර්මාණය කර ඇත. මෙහි ඇතුල සැලැක් නැමැති ද්‍රව්‍ය පුරවා හිස් කුහරය වසා ඇත. අනුරාධපුර යුගයට අයත් මෙම මන්ස්කාන්ත ආභරණය නිර්මාණය කල ආකාරය විශ්මය දනවන්නකි. මෙම කරමාලය (necklace) පුරාණ මිනිසුන් හැඳින්වූයේ පාඩිත්තන් කරමාලය ලෙසය. මෙම කුඩා කොටස් පාඬිත්තන් (බිම්කුංඩා) නමැති කෘමි විශේෂයෙහි හැඩය ගන්නා බැවින් එසේ හඳුන්වා ඇත. මෙම කරමාලය කරෙහි පැළඳීමෙදී ගාංචුව ලෙස භාවිතා කළේ හතරැස් සියුම් කැටයමකින් යුතු අගුල් ක්‍රමයකි. එම කොටස අතීතයේ හැඳින්වූයේ "ගොනා" යන නාමයෙන්ය. මෙහි එම ගොනා කොටස නොමැතිව කරමාලයේ ඉතිරි කොටස් කිහිපයක් පමණක් මෙහි දක්වා ඇත.
Reviews
Features
Country | Sri Lanka |
ANUJEW005
Product Description