- Best sellers
Sri Rāja Rāja Massa Coins
දකුණු ඉන්දියාවේ චෝල රාජවංශය විසින් නිකුත් කළ රාජ රාජ මස්ස කාසිය ප්‍රාචීන දකුණු ආසියානු මුදල් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම රන් කාසිය රාජ රාජ I (985-1014 CE) රජතුමාගේ පාලන කාලයේදී නිකුත් කළ අතර, චෝල රාජවංශයේ ආර්ථික හා දේශපාලන බලය පිළිබිඹු කරයි.
කාසියේ ලක්ෂණ:
පෙරපස දර්ශනයේ සුවිශේෂී ලක්ෂණ:
"ශ්‍රී රාජ රාජ" අක්ෂර:
සංස්කෘත භාශාවේ විජයනාගර අක්ෂර වලින් ශ්‍රී රාජ රාජ ලෙස සටහන් කර ඇත.
කොටස් වලට වෙන්කරන ලද කොටුවක හැඩය:
බොහෝ විට අප පරීක්ෂණයෙන් හමුවී ඇත්තේ කොටු හයක් සහිත කාසි වේ.
පිටුපස දර්ශනයේ සුවිශේෂී ලක්ෂණ:
සිටගෙන සිටින රූපය:
අප විශ්ලේෂණය කළ කරුණු සමග සලකා බැලීමේදී බොහෝ දුරට මෙම සිටගෙන සිටින රූපය මගින් විෂ්ණු දෙවියන් නියෝජනය කරන බවට අනුමාන කල හැක, තවද මෙහි සිටින්නෙ එම කාසියට අදාළ රජු බවටද ඇතමෙකුගේ මත පවතී
රාජකීය ඇඳුම්:
දෝති (Dhoti) යන දකුණු ඉන්දියාවේ දමිළ සංගම් - විශේෂයෙන් චෝල, චේර, පාන්ඩ්‍ය රාජවංශයන්ට ආවේනික වූ සම්ප්‍රදායික පිරිමි ඇඳුමකින් සැරසී ඇත. මෙය පසුකාලීනව ශ්‍රී ලංකාව පාලනය කල රජවරුන්ගේ මස්ස කාසි වලද දැකගත හැක
කලාත්මක විස්තර:
කලාත්මක චාතුර්යය පෙන්නුම් කරන සියුම් විස්තර සහිත රූපයකි
සිරුරේ සමානුපාතිකතාවය චෝල යුගයේ මූර්ති ශිල්පයේ සම්ප්රදායන් පිළිබිඹු කරයි
විශේෂ තාක්ෂණික ලක්ෂණ:
නිෂ්පාදන තාක්ෂණය:
කාසිය කොටා ඇති ආකාරය චෝල ශිල්පීන්ගේ ඉහළ කුසලතා පෙන්නුම් කරයි
කොටා ඇති සියුම් විස්තර තාක්ෂණික දියුණුව සාක්ෂි දරයි
I රාජරාජගේ පාලන සමයේදී චෝල අධිරාජ්‍යය:
Image: Rajaraja Chola's Territories by Venu62, licensed under CC BY-SA 3.0. Source: Wikimedia Commons