ANUJEW001

ANUJEW001

Features

Country

Sri Lanka

Author

J.H.M.D.Abeysinghe

Carat Weight

0

Weight (g)

1.630

මෙය අනුරාධපුර යුගයට අයත් රන් මුදුවක් ලෙස සැලකිය හැක.මෙහි භාහිර පෙනුම ඝණකම් ආභරණ‍යක් ලෙස තිබුණද මෙය තුනී තහඩු වලින් සාදා ඇති බව නිරීක්ෂණයේදී අපට පැහැදිලි විය. මෙම මුදුවේ ඇතුලත කුහරයක් සිටින සේ සාදා "සැලැක්" යන ද්‍රව්‍ය යොදා ඇතුලත කුහරය පුරවා ඇත. විශාල බරක් සිටින සේ මෙම ආභරණය සාදා නොමැති බවද පෙනී යයි.කැටයම් වලින් ගත්තද සියුම් අරිම්බු කැටයම් වලින් සාදා ඇති මෙම මුදුවට ස්වභාවික මැණික් ගලක්ද ඔබ්බවා ඇති බව දැකිය හැක. මෙම ගල් විශේෂ‍ය ගැන සැලකීමේදී ස්වභාවධර්මයෙන් ලැබෙන "Corundum" එනම් 21 සියවසේදී හඳුන්වන blue sapphire නැමති වටිනා ගලක් මෙම මුදුවට සවිකර ඇත.එම ගල්ද වර්තමායනයේදී faceting කිරීම , එනම් cut and polish කිරීම යන ක්‍රියාවලිය පුරාණ කාලයේදී සිදුකර ඇත්තේ මැණික් ගල් හම් මලු වල දමා එහි මතුපිට සුමට වන තෙක්ම සොලවා භාහිර සුමට ගතිය ලබා ගැනීමෙනි. ඉන්පසුව එම ගලේ පිහිටීම ඇති ආකාරයටම එය මුද්දට ඔබ්බවා මැණික් ගල මුද්දෙන් නොගැලවෙන ආකාරයට දත් බැඳ සවි කර ඇත.

තවද මෙහි රන් සංයෝගය ගැන කතා කිරීමේදී , මෙහි අන්තර්ගත රන් සංයුතිය අප 21 වන සියවසේදී XRF ක්‍රමය යටතේ පරික්ශා කර බලා ඔබට ඉදිරිපත් කර ඇත. එයින් එහි රන් සංයුතිය ගැන ඔබට අවබෝධයක් ලබා ගත හැක. මෙහිදී අප දුටු විශේෂ දෙයක් වන්නේ ඇඟිලි වල වටප්‍රමාණය මැනීම සඳහා වර්තමානයේ භාවිතා වන සම්මත මුදු කට්ටලයේ මිනුම් අනුව මුදුවේ පරිධිය එකල සිටි කාන්තාවන්ගේ 7,8,9 යන අගයන් ගත් අතර 21 වන සියවසේ කාන්තාවන්ගේ ඇඟිලි වල වටප්‍රමාණය එම මුදු කට්ටලයේම 12,13,14,15 යන ප්‍රමාණ වලින් මධ්‍යස්ථ අගයක් ලෙස නිරීක්ෂණය කළ හැක.

Reviews

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Buy Monota
Demos 10
Close

Monota Demos

Check our main demos, layouts, shop and single product pages variants.