ANUJEW002
Features
Country
Sri Lanka
Author
J.H.M.D.Abeysinghe
Carat Weight
0
Weight (g)
3.140
මෙම මුදුවද අනුරාධපුර යුගයට අයත් ආභරණයක් ලෙස අපට හැඳින්විය හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ පළමු මුදුවේ මෙන් තුනී තහඩු වලින් සාදා නිම කලද එහි වටිනා මැනික් ගලක් ඔබ්බවා තිබුණු බවට සලකුණු පමණක් අපට දැක ගත හැකි වීමයි. එම ගල යම් කිසි ආකාරයකින් ගැලවී මුදුවෙන් ඉවත් වී ඇත. එහිදී අපට දකින්නට ලැබෙන්නේ ඉහත පළමු මුදුවේ විස්තර කල ආකාරයට ඇතුලත කුහර සහිතව තහඩු වලින් සාදා නිම කරන ලද ආකාරය මෙම ආභරණයෙහිද පැහැදිලිවම දැක ගත හැකි වීමයි.මෙම ආභරණයේද ඇතුලත කුහරය සැලැක් වලින් පුරවා තිබුණද එහි කොටස් ගැලවී යාමත් සමග භාහිරට නිරාවරණය වීමෙන් එම සැලැක් ප්‍රමාණය ගැලවී ගොස් ඇත. නමුත් ශේෂ වූ සුලු සැලක් ප්‍රමාණයක් තවමත් යම් ප්‍රමාණයක් ඉතිරිව ඇති බව නිරීක්ෂණය වේ. අඩු රත්‍රන් ප්‍රමාණයක් යොදාගෙන මෙවැනි වටිනා පෙනුමැති ආභරණ සෑදීමේ කලාව දැනට භාවිතා වන වර්තමාන තාක්ෂණයට වඩා ඉහළ තාක්ෂණයක් භාවිතා වී ඇති බවට නිරීක්ෂණය වේ. වර්තමාන රන් නිපැයුම් කලාව යන්ත්‍ර සූත්‍ර මගින් දියුණු තාක්ෂණයක් යටතේ සිදු කලත් අතීතයේ මෙම පෑස්සුම් කටයුතු සහ මෙම ආභරණ වල හැඩයන් නිමවා ඇති ආකාරයත් සොයා බැලීමේදී එය විශ්මය දනවන කරුණකි. තවද රන් මුදුවෙහි රත්‍රන් සංයුතිය ගැන අවබෝධයක් ලබා ගැනීමට, භාවිතා කර ඇති ලෝහවල සංයුතියේ XRF පරීක්ෂණ වාර්තාවත්, මෙහි භාහිර ලක්ෂණවල සියලුම විස්තරත් මෙහි සටහන් කර ඇත.
Reviews
Features
Country | Sri Lanka |
ANUJEW002
Product Description