ANUJEW003

ANUJEW003

Features

Country

Sri Lanka

Author

J.H.M.D.Abeysinghe

Carat Weight

0

Weight (g)

4.070

මෙය රත්‍රන් වලින් සාදන ලද තහඩුවකි. (එහි දිග, පළල,බර සහ ඝණකම සඳහන් කර ඇත). මෙහි විශේෂත්වය වන්නේ මෙය කුමක් හෝ සන්නිවේදන කටයුත්තක් සඳහා භාවිතා කළ රත්‍රන් තහඩුවක් බව පෙනී යන හෙයිනි.එම තහඩුවේ දෙපසම අක්ෂර මාලාවකින් යම්කිසි සඳහනක් දක්වා තිබෙන අතර මෙහි දක්වා තිබෙන මෙම අක්ෂර පූර්ව භ්‍රාහ්මීය අක්ෂ‍ර වල ක්‍රමික වෙනස්වීම දක්වයි. ඒ වගේම ඊට පසුව විජයනාගර අක්ෂර වල යම් කිසි හැඩරුවක් ගන්නා මෙය භ්‍රාහ්මීය හා විජයනාගර අක්ෂර අතර මැද අක්ෂර තත්වයක් පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස ගත් විට "ක, ත" යන අක්ෂර විජයනාගර අක්ෂර වලට බොහෝ සෙයින් සමාන ගතියක් පෙන්නුම් කරයි. මෙම රන් තහඩුවේ ඇති සම්පූර්ණ වාක්‍ය රටාවම අපට කියවිය නොහැකි නිසා මෙය කුමක් සඳහා භාවිතා වූවක්ද යන්න නිශ්චිතවම කිව නොහැකිය. නමුත් පැහැදිලිවම කිව හැකි දෙය වන්නේ භ්‍රාහ්මීය අක්ෂර සහ විජයනාගර අක්ෂර වල සංකලනයකින් යුතු අවස්තාවක මෙය නිර්මාණය වී ඇති බවයි. ඒ අනුව මෙම රන් පත්‍රය නිශ්චිතවම කුමන කාලයකට අයත්ද යන්න තීරණය කල නොහැකි නමුත් අනුරාධපුර යුගයත් පොළොන්නරු යුගයත් අතර කාලයේ පොළොන්නරු යුගයට ආසන්නම කාල වකවානුවේදී ලියැවුනු සටහනක් බව කිව හැක.

Reviews

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Buy Monota
Demos 10
Close

Monota Demos

Check our main demos, layouts, shop and single product pages variants.