ANUJEW044
Features
Country
Sri Lanka
Author
J.H.M.D.Abeysinghe
Carat Weight
0
Weight (g)
24.100
මුදුවක ආකාරයට ඇති මෙම අයිතමය බාහිරින් තුනී රන් තහඩුවකින් ආවරණය වන සේ සාදා නිම කර ඇත. මෙහි ඇතුළත ප්‍රධාන වශයෙන් ඊයම්, ටින් වැනි ලෝහ වලින් සාදන ලද ලෝහ සංයුතියක් (Alloy) භාවිතා කර එහි ප්‍රධාන සැකිල්ල එම alloy මිශ්‍රණයෙන් තනා පසුව බාහිරාවරණය රත්‍රං තුනී තහඩුවකින් ආවරණය කර මෙය නිමවා ඇත. දැනට ලැබී ඇති මෙවැනි හැඩයේ ආදර්ශ කීපයක් සංසන්දනය කර බැලීමේදී පැහැදිලිව දක්නට තිබූ කාරණයක් වන්නේ මෙවැනි අයිතමයන්හි බර ග්‍රෑම් (Gramm) වලින් සඳහන් කල හොත් ග්‍රෑම් 22 ත් 24 ත් අතර පවතින ආකාරයකි. ලෝකයේ පැරණි ශිෂ්ඨාචාර පැවැති සමහර රටවල්වල පුරාවිද්‍යා ගවේෂණවලින් මෙවැනිම ආකාරයේ අයිතමයන් හමු වී ඇත. එහිදීද සමහරුන්ගේ මතය වී ඇත්තේ මෙය ආභරණයක් ලෙස පැළඳීමට හෝ එසේ නොමැතිනම් පැරණි ආයුර්වේද වෙදකම සඳහා ඖෂධවල බර කිරීමට මිනුම් ඒකකයක් ලෙස හෝ පාවිච්චි කළාද යන්නයි. තවද මෙය ගනුදෙනු සඳහා මුදල් ඒකකයක් ලෙස හෝ භාණ්ඩ හුවමාරුවේදී ( Barter system) භාවිතා කලාද යන්නත් ඇතැම් විට මත ප්‍රකාශ වේ. කෙසේ නමුත් මෙය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මුදු කාසි (Ring money) ලෙසටයි. එසේ හැඳින්වීමට හේතුව වන්නේ ඇතැම් විට මෙය ගනුදෙනු වලදී භාවිතා වූ නිසා විය හැක.ඊට අමතරව ලංකාවේ පැරණි ආයුර්වේද හෙළ වෙදකමේ ඖෂධ වල බර කිරීම සඳහා භාවිතා කළ මදටිය, ඔළිඳ (ගුංඥා) පගෝදි ,පසුකාලීනව කලං ලෙස භාවිතා කල බර හා සංසන්දනාත්මකව බැලූ විට මෙම මුදුව ඒවායේ ගුණාකාර අගයක් ලෙස මෙහි බර පෙන්නුම් කරයි. ඊට අමතරව හුන,නික්ඛ(නික) යන මිනුම් ඒකකවලද බර පිළිබඳව සංසන්දනාත්මකව බැලීමේදී එයටද සමාන ගුණාකාර අනුපාතයකින් මෙම අයිතමය නිමවා ඇති බවක් පෙන්නුම් කරයි.මෙහිදී සිතිය හැක්කේ පැරණි ලංකාවේ ස්වර්ණය ලෙස හැඳින්වූ බර කිරීම සඳහා භාවිතා කළ මිනුම් ඒකකය මෙය වන්නට හැකි බවයි. මෙවැනිම ආකාරයේ මුදු කාසි සහ බර අනුපාත වලින් සමාන වුවත් ආකෘතියේ සුළු වෙනස්කම් ඇති මුදු කාසි නියැදි (sample) ලැබී ඇත.ඒවා මේ ආකාරයෙන්ම රත්‍රං වලින් නිම කර නොතිබුණත් ඒවාද නොදිරන ආකාරයට ලෝහ මිශ්‍ර කර (Alloy) නිම කර ඇත. මෙම අයිතම සියල්ලෙහිම ලෝහ සංයුතිය වර්තමාන XRF ක්‍රමය යටතේ මෙහි ඉදිරිපත් කර ඇත. එයින් ඔබට මෙහි අඩංගු ලෝහ සංයුතිය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක. ඊට අමතරව මෙහි බර සහ වටප්‍රමාණය සංසන්දනාත්මකව ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳවද අවබෝධයක් ලබා ගත හැක. එවිට වැටහී යන්නේ මෙය අවස්තානුකූලව ආභරණයක් ලෙසත් අවශ්‍ය විටකදී බර කිරීම සඳහා කිරුම් ඒකකයක් ලෙසත් ඇතැම් විට මුදල් ඒකකයක් ලෙසත් භාවිතා කල අයිතමයක් බවයි.
Reviews
Features
Country | Sri Lanka |
ANUJEW044
Product Description