ANUJEW056
Features
Country
Sri Lanka
Author
J.H.M.D.Abeysinghe
Carat Weight
0
Weight (g)
63.930
මෙහි දැක්වෙන්නේ අනුරාධපුර යුගයට අයත් කරමාලයක කොටස් කිහිපයකි. මෙම කරමාලයේ පබළු, ටෙරා කෝටා මෙවලම් සැදීම සඳහා භාවිතා කරනු ලබන මැටි වර්ගයට බොහෝ සෙයින් සමාන මැටිවලින් මෙම බෝල සාදා ඇත. එකිනෙකට ප්‍රමාණයෙන් වෙනස්කම් ඇති ලෙස නිෂ්පාදනය කර ඇති මෙම මැටි පබළු එකිනෙකට ගැලතීම සඳහා එය මැදින් තව්වක් (සිදුරක්) සාදා ඇත.ඉන්පසු කලාත්මක විදිහට මෙම මැටි පබළු එකිනෙකට සම්බන්ධ කිරීමෙන් හෝ එසේ නොමැතිනම් මේවා අතරට තවත් විසිතුරු පබළු අමුණා මෙය අලංකාර විචිත්‍ර ආකාරයකට සාදා ගන්නට ඇති බව සිතිය හැක. මෙම මැටි පබළු වලට අමතරව අනුරාධපුර යුගයේදී අපට හමුවන වෙනස් මාදිලියේ කරමාල සහ අත්පළඳනා ආදිය සඳහා වීදුරු සහ මැණික් වර්ග යොදාගෙන ඇති බව නිරීක්ෂණය විය. මැණික් වර්ග කිරීමේදී ඒවා වටිනා සහ අර්ධ (Precious and semiprecious ) යන සියලු වර්ග වලට අයත් මැණික් භාවිතා කර ඇති බවක් අපට ලැබෙන නිදර්ශක වලින් පෙනී යයි. මෙම කරමාලය ගැන සලකා බැලීමේදී මෙම මැටි පබළු වලින් නිම කරන ලද ආභරණය ඉතා අලංකාර ලෙස තිබූවක් බව සිතිය හැක.
Reviews
Features
Country | Sri Lanka |
ANUJEW056
Product Description